දේශීය

ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින් 5.50% සහ 6.50% දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

මේ අතර බැංකු අනුපාතිකය නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සමග ස්වයංක්‍රීයවම ගැළපුම් කරමින් 9.50%ක් දක්වා වැඩිවනු ඇත.

කෙසේ වෙතත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4.00% මට්ටමේම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

මහ බැංකුව විසින් ගනු ලැබූ මෙම තීරණය “සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක්” ලෙසින් හැඳින්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?