Latestදේශීය

තුෂාන් ගුණවර්ධනට විදේශ ගමන් තහනමක්

පසුගිය 22දා ව්‍යාපාරික කටයුත්තක් සදහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත් වීමට නියමිතව සිටි තමන්ව ආගමන විගමන දෙපාර්ථමේන්තුව විසින් අදවාගෙන එම ගමනට අවසර ලබා නොදුන් බව පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා පවසනවා.

තමන්ට එරෙහිව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ඇති බව පවසමින් මෙම වාරණය නිකුත් කළ බව පවසනව ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියාසිටින්නේ තමන් දන්නා තරමින් සුදුළූණු වංචාවට අදාල නඩුව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගැනෙන බවයි.

තවද මේ දක්වා තමන්ට එවැනි නඩුවක් සම්බන්ධයෙන් කිසිදු දැනුම් දීමක් සිදු නොවුනු අතර සුදුළූණු වංචාව සම්බන්ධයෙන් කරුණු හෙලිදරව් කරමින් අදාල වංචාවට එරෙහි වූ තමන්ව අදාල නඩුවේ සැකකරුවකු කිරීම බරපතල තත්ත්වයක් බව ද ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?