දේශීය

ජල බිල් නොගෙවන මැති ඇමතිවරු ගැන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරනවා – වාසුදේව

ජල බිල්පත් නොගෙවන මැති ඇමතිවරුන් සහ වර්තමාන මැති ඇමතිවරුන් පිළිබඳ අමාත්‍ය මණ්ඩය දැනුවත් කරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

එවැනි මැති ඇමතිවරුන් 45 දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි අමත්‍යවරයා සඳහන් කළේ.

අදාළ නිල නිවාස අමාත්‍යාංශ මට්ටමින් ලැබී ඇති බැවින් අදාළ මුදල්, අමාත්‍යාංශ හරහා ලබා ගන්නා ලෙස ඇතැම් මැති ඇමතිවරුන් දන්වා ඇති බව වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

එවැනි ක්‍රමවේදයක් නොමැති බැවින් අදාළ බිල්පත් ගාස්තු ගෙවීමට තමන්ට නොහැකි බව අමාත්‍යාංශ නිලධාරීන් දැනුම් දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම තත්ත්වය පිළිබඳව අමාතය මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර අවසන් තින්දුවක් ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය මණ්ඩලය දක්වන ප්‍රතිචාර අනුව ගෙවීම් පැහැර හරින මැති ඇමතිවරුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමට හෝ කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?