Latestදේශීය

අත්‍යාවශ්‍ය භාන්ඩ මාස තුනකට තියෙනවා – මුදල් ඇමති

ඉදිරි මාස තුනට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාන්ඩ සංචිත මෙරටට ආනයනය කර අවසන් බවත් එම භාන්ඩ  වෙළදපොල තුළ ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්චාවටක එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

විවිද ප්‍රදේශවල භාන්ඩ බෙදා හැරීමේ දත්ත තවමත් ලැබී නැති නිසා එක් ප්‍රදේශයක ඇති භාන්ඩ වෙනත් ප්‍රදේශයක නැති වීමට ඉඩ ඇති නමුත් රේගුවේ දත්ත වලට අනුව මාස තුනකට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාන්ඩ රට තුළ පවතින බව අමාත්‍යවරයා අවධාරනය කරනවා.

විවිධ වානිජ ලාභ පරමාර්ථයන් සදහා භාන්ඩ ගබඩාකර ගෙන අනිසි ප්‍රයෝජන ගැනීමට ව්‍යාපාරිකයින් උත්සාහ කළහොත් ඔවුන් නීතිය හමුවට කැදවන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?