Latestදේශීය

මේ අවසන් රාජපක්ෂ පාලනයයි – විමල් වීරවංශ

යළි කිසිදිනක රාජපක්ෂවරුන් වරයකුගේ පාලනයට සහාය දක්වන්න හෝ එවන් පාලනයක් පිහිටුවීමට පෙරමග නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

තවද ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කිසිදින උඩරට හෝ පහතරට රදල පවුල්වල නායකයන් රාජ්‍ය නායකත්වයට පත් නොවන බවද මන්ත්‍රීවරයා පවසනවා.

සිරස රූපවාහිනියේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් ඵල කළා.

බැසිල් රාජපක්ෂ නම් ඇමරිකානුවා වූ වහාම රටින් පන්නා දැමීමට කටයුතු කළ යුතු බව පවසන වීරවංශ මහතා ශ්‍රී ලංකාවක් පවතින ආර්ථික අර්බුදය පතුලටම සිරකර අමෙරිකානු උපාය මාර්ගයට අනුව මෙහෙයවීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බවට  ද චෝදනා කරනවා.

බැසිල් රාජපක්ෂ මහතාට මුල්‍ය විශූද්ධිකරණ චෝදනාවක් යටතේ ඇමරිකානු ෆෙඩරල් පොලීසිය මගින් පරීක්‍ෂණයක් සිදුවන බවද පැවසූ ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට තරග කිරීමට ඇති නීතිමය බාධාවන් පිළිබඳව කරන ලද නීතිමය සොයා බැලීමක දී අදාළ නීතිඥයන් විසින් ඒ බව හඳුනාගෙන තිබූ බවද වීරවංශ මහතා මෙහිදී අවධාරනය කළා.

එකල ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සමග ඒ බව කියා සිටි බවත් දැන් ඔහු මෙම ප්‍රකාශයට කුමන ප්‍රතිචාර දැක්වූව ද  තමන් ඊට යළි ප්‍රතිචාර දැක්වීමෙන් වැලකී සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

එම සම්පූර්ණ වැඩසටහන පහතින්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?