Latestදේශීය

ආන්ඩුවත්, ධනවාදයත් පන්නා දැමිය යුතුයි – පෙ.ස.පක්ෂය

වැඩිවන ජීවන වියදම, ආහාර අර්බුදය, බලශක්ති අර්බුදය ඇතුළු ජනතාව පෙලන අර්බුදයටත්, එයට පදනම් වූ දශක හතක ශාපයටත් එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ‍රට පුරා දිස්ත්‍රික් ප්‍රධාන නගර වල සංවිධානය කරන උද්ඝෝෂණ මාලාවේ කළුතර නගර උද්ඝෝෂණය ඊයේ (14) සවස කළුතර නගර මධ්‍යයේ පැවැත්වුනා.

බඩු මිළ රොකට් වගේ, වැටුප් වැඩි කරනු! බැනරය යටතේ පැවති මෙම උද්ඝෝෂණයට පැය කිහිපයක් පුරා ඇදී ගියා.

ගොවීන්ට, ධීවරයින්ට, ස්ව්‍යංරැකියාවන් හී නිරථවන්නන්ට මෙන්ම  සුළු ව්‍යාපාරිකයින්ට සහන ලබා දීමට ආන්ඩුව වහාම මැදිහත්විය යුතු බව මෙහිදී අවධාරණය කළ අතර මූළ්‍ය ආයතන වලින් ලබා ගත් ණය සහ  ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකිව අසරණ වී සිටින සියල්ලන්ටම සහන ලබා දීමට ආන්ඩුව ක්‍රියා කළ යුතු බව පැවසුවා.   

ආන්ඩුව පමණක් නොව ධනවාදයද පන්නා දැමිය යුතු බවත් , ජනතාව වීදි බැස මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමෙන් පමණක් මෙම අර්බුධයට ස්තිර විසදුමක් ලබා ගත හැකි බවත්,  ජනතාව වඩ වඩා දේශපාලනිකව තීන්දුතීරණ ගැනීමෙන් පමණක් විමුක්තිය අත්කර ගැනීමට හැකි බවත් මෙහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?