Latestදේශීය

ගෑස් අර්බුධය තවම විසදී නැහැ – ලිට්‍රෝ සමාගම

ඩොලර් නිදහස් කිරීමෙන් පසු ඊයේ (17) දින ලබා ගත් ගෑස් මෙට්‍රික්ටොන් 3500 හේතුවෙන් රට තුළ ගෑස් හිගයක් ඇති නොවනු ඇති බව විෂයභාර අමාත්‍යවරයා පවසනවා.

නමුත් අදාල ගෑස් සංචිතය ප්‍රමාණවත් වන්නේ දින දෙකහමාරක සැපයුමට පමණක් බව ලිට්‍රෝ සමාගම පවසනවා. සාමාන්‍යයෙන් දිනකට ගෑස් මෙට්‍රික්ටොන් 200ක් පමණ කර්මාන්ත ආයතන වලට නිකුත් කරන බව පවසන එම සමාගම ඉතිරි ගෑස් ප්‍රමාණයෙන් කිලෝ 12.5, කිලෝ 05 සහ කිලෝ 2.5 යන සිලින්ඩර ප්‍රමාණ තුන නිෂ්පාදනය කරන බව පවසනවා.

ගෑස් මෙට්‍රික්ටොන් එකකින් කිලෝ 12.5 සිලින්ඩර 80ක් පමණ නිෂ්පාදනය කළ හැකි බවත් නිෂ්පාදන කරන සින්ඩරවල ප්‍රමාණය අනුව ටොන් එකකින් නිෂ්පාදනය කරන සිලින්ඩර සංඛ්‍යාව තීරණය වන බවත් එම සමාගම වැඩිදුරටත් පවසනවා.

ලිට්‍රෝ සමාගම නිකුත් කළ විවිධ ප්‍රමාණවල ගෑස් සිලින්ඩර අළෙවි නියෝජිතයන් සහ ජනතාව සතුව ලක්‍ෂ 70ක් පමණ ඇති බවත් ඉන් සිලින්ඩර ලක්‍ෂ 55ක් පමණ කිලෝ 12.5ක ප්‍රමාණයේ සිලින්ඩර බවයි  ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් පවසන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?