Latestදේශීය

නාමල්ට බන්ඩාරවෙල දී ජනතා විරෝධය

ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා බන්ඩාරවෙල ක්‍රීඩාංගනයක් විවෘත කිරීමට යමින් සිටියදී ජනතා විරෝධතාවය හේතුවෙන් එම උත්සවයට සහභාගි නොවී ආපසු හැරී ගොස් තිබෙනවා.

බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගය සහ බණ්ඩාරවෙල වැලිමඩ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විශාල පිරිසක් ක්ෂණිකව එම විරෝධයට සහභාගි වී තිබෙනවා.

පොලිසිය යොදවා විරෝධය නතර කිරීමට උත්සාහ කළ ද, එය සම්පූර්ණයෙන්ම ව්‍යාර්ථවීමෙන් නාමල් රාජපක්ෂ ඇමතිවරයා විවෘත කිරීම නවතා දමා ආපසු හැරී ගොස් ඇති බව වාර්තා වනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?