දේශීය

රඹුක්කනට තවදුරටත් පොලිස් ඇඳිරි නීතිය

ඉන්ධන ඉල්ලා රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවය විසුරුවා හැරීමේදී ඇතිවූ සිද්ධියේදී තුවාල ලැබු පුද්ගලයින් 13 දෙනෙකු තවදුරටත් කෑගල්ල රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

කෑගල්ල රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය සඳහන් කළේ, ප්‍රථිකාර ලබමින් සිටින පුද්ගලයින් අතරින් 03 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවත් ඔවුන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්ය.

මේ අතර සිද්ධියේදී තුවාල ලැබූ පොලිස් නිලධාරින් 15 දෙනෙකු ද රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බව ඇය සඳහන් කර ඇත.

විරෝධතාව විසුරුවා හැරීමේදී පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබීම්වලින් අනතුරුව කෑගල්ල රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ඊයේ(19) ජීවිත්ක්ෂයට පත්වී තිබුණි.

රඹුක්කන පොලිස් බල ප්‍රදේශට ඊයේ රාත්‍රියේ පැනවූ ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

රඹුක්කනදී පොලිස් නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කර ඇත්දැයි විමර්ශනයට ත්‍රිපුද්ගල මණ්ඩලයක් පත් කළ බව මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයෙකු, අමාත්‍යංශ අතිරේක ලේකම්වරයෙකු සහ ආරක්ෂක අමාත්‍යංශයේ නීති උපදේශකවරයෙකු එම මණ්ඩලයට ඇතුළත් කර ඇත.

රඹුක්කනදී පොලිස් නිලධාරීන් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ ද එම ස්ථානයේ සිටි පිරිස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම හේතුවෙන් වෙඩි තැබීමක් සිදු කර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

එම සිද්ධියේදී සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක්ද තුවාල ලබා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත්ප ස්වරුව වන තෙක් පැවති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර එහිදි ඇතිවු නොසන්සුන්කාරි තත්වය හමුවේ පොලිස් නිලධාරින් විසින් වෙඩි තැබීමක් ද සිදු කර ඇති බවයි සඳහන් කර ඇත්තේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?