Latestදේශීය

ජනාධිපතිට එල්ල වන පීඩනය ඉහල යයි

අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය වෙනුවට 19වෙනි සංශෝධනය නැවත බලාත්මක කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස කෙරෙන බලපෑම් තවත් ඉහල ගොස් ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් හෙළිවේ.

මේ අනුව නුදුරු දිනයකදීම මහා සංඝරත්නය ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ලිඛිත ඉල්ලීමක් සූදානම් කරවීමට ආණ්ඩුවේ කිහිප දෙනෙකු සැලසුම් කර ඇති බවද හෙළි වේ. එමෙන්ම ජනාධිපතිවරයාගේ පුතාගෙන් ද සංවිධානාත්මකව තම පියා ගෙන්වා ගන්නා ලෙස ඉල්ලා සිටීමට පිරිස් සූදානම් කෙරෙමින් පවතින බව හෙළිවේ.

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් බවට එල්ල වී තිබෙන චෝදනාව සහ සහ රට ආර්ථික වශයෙන් සම්පූර්ණයෙන්ම බිඳ දැමීම ප්‍රමුඛ චෝදනා බවට පත්කරමින් ඉල්ලා අස්වීමට කෙරෙන බලපෑම් ඉතාම ඉහල මට්ටමකට පැමිණ ඇත. ආණ්ඩුව තුළම අලුතින් පත්කරන ලද කැබිනට් මණ්ඩලයට පවා ඉල්ලා අස්වන ලෙස මේ වනවිට ද අභ්‍යන්තරයෙන්ම බලපෑම් සිදුකරමින් පවතී.

Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?