Latestදේශීය

හරීන් සජිත්ගෙන් ඉවත්ව ස්වාධීන වෙයි

සමගි ජන බලවේගය මේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එම පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයකු වීමට තීරණය කර තිබේ.

ඔහු සඳහන් කරන්නේ ඉක්මනින් රජයක් අවශ්‍ය බවත් මෙය තවදුරටත් ප්‍රමාද කළ යුතු නැති බවයි.

සමගි ජන බලවේගය මෙය තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් තමන් රජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය ට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස සහාය දැක්වීමට තීරණය කළ බවද හෙතෙම පැවසීය.

මැතිවරණයකට ගොස් ජනවරමක් ලබා ගැනීමට මේ සුදුසු කාලයක් නොවන බවත් රජයක් පිහිටුවීම ප්‍රමාද කරවන තරමට රටට විපතක් වන බවත් ඔහු තවදුරටත් පැවසීය.

Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?