Latestදේශීය

ගෝල්ෆේස් අරගලයට අදට දින 50යි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු වත්මන් ආන්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් ආරම්භ කළ ගෝල්ෆේස් අරගලයට අදට දින 50ක් සම්පූර්ණ වනවා.

අප්‍රේල් 09 වනදා ආරම්භ කළ මෙම අරගලය දින 50ක් පුරා අඛන්ඩව ක්‍රියාත්මක වන අතර මෙම අරගලය නිසාවෙන් ගෝල්ෆේස් අරගලභූමියේ   “ගෝඨා ගෝ ගම “ ඉදිකළ අතර මේ වන විට ගෝඨා ගෝ ගම නමට ලියුම් පවා ලැබෙන වටපිටාවක් නිර්මාණය වී තිබෙනවා.

විවිධ දේශපාලන පක්ෂ සහ සමාජ සංවිධාන මෙම අරගලයට විවිධ අයුරින් දායකත්වය සහ නායකත්වය ලබා දෙමින් තිබුන ද බොහෝ පිරිසක් නිර්පාක්ෂික අරගලයක් අපේක්ෂාවෙන් මෙම අරගලභූමියට පැමිණීම විශේෂත්වයක්.

අරගලයට මාසයක් සපිරෙන දින එනම් පසුගිය මැයි 09 වනදා වත්මන් ආන්ඩුවේ නායකයින් සහ ආධාරකරුවන් විසින් මෙම සාමකාමී අරගලයට මැර ප්‍රහාරයක් එල්ල කළ අතර එම හේතුව නිසා මැයි මස 09 වනදා මෙරට දේශපාලන කැලැන්ඩරයට අමතක නොවන දිනයක් එක් කර තිබෙනවා.

ගෝල්ෆේස් අරගලභූමියට එල්ල කළ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් ලෙස රට පුරා ජනතාව වීදි බැස ආන්ඩුපක්ෂ මෙන්ම ඇතැම් විපක්ෂ නායකයින්ට සහ ඔවුන්‌ගේ දේපල වලට හානි කරන්න වූ අතර මේ හේතුවෙන් රටම ගිනිගන්නා ලදි.

ආන්ඩුපක්ෂ දේශපාලනඥයින්ගේ මැදිහත්වීමෙන් ගෝඨා ගෝ ගම  සම්පූර්ණයෙන්ම විනාශ වී ගියද පැය කිහිපයක් යන්නට මත්තෙන් නැවතත් එම අරගලභූමිය පෙර තත්ත්වයට පත් කරලීමට විරෝධතාකරුවන් සමත්වුනා.

අද වන විට ගෝල්ෆේස් අරගලභූමියේ විවිධ සංස්කෘතික ක්‍රියාකාරකම් සිදුකෙරෙමින් පවතින අතර චිත්‍රපටශාලා, පුස්තකාල, ඇතුළු විවිධ බුද්ධිමය බෙදාහදා ගැනීම් සිදුවීම විශේෂත්වයක්.

තරුණ තරුණියන් වැඩි වශයෙන් සහභාගි වී සිදුකරමින් පවතින මෙම අරගලය ගෝඨාභය රාජපක්ෂ ගෙදර යන තුරු නොනවත්වා සිදුකරන බවයි අරගලකරුවන් පවසන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?