ක්‍රීඩාදේශීය

අංගම් සටන් ශිල්පය සංරක්ෂණය කොට රැකගන්නවා- අමාත්‍ය රොෂාන් රණසිංහ

දේශිය අංගම් පොර සටන් කලාව සඳහා යටත් විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බව යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ක්‍රීඩාවේ ඉදිරි ගමන්මඟ හා ක්‍රීඩා ආර්ථිකයට දායක වියහැකි ක්‍රීඩාවන් හදුනාගැනීම සඳහා පසුගියදා අමත්‍යාංශ නිළධාරීන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරදී. ප්‍රධාන ගුරුකුල කිහිපයක් යටතේමෙරට විවිධ ප්‍රදේශ කේන්ද්‍රකොටගෙන ක්‍රියාත්මක වූ මෙම සටන් කලාව ඉංග්‍රීසි යටත්විජිත පාලන සමයේ තහනමට ලක්කර තිබිණි. ඉන් පසු එවකටඅංගම් සටන් ශිල්පීන් මෙම කලාව නර්ථන අංගයක් ලෙස පෙන්වමින් රහසිගතව ඉදිරියට පවත්වා ගෙන ඇති බවත් පරම්පරාගතව ශිල්පය උරුම වී ඇති බවත් පෙනීයනබවයි ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?