Latestදේශීය

නායායෑම් පිළිබද අනතුරු අඟවයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

රත්නපුර, කලවාන , ඇලපාත, කුරුවිට, ඇහැලියගොඩ, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ සඳහා අදියර 3 මට්ටමේ (රතු) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.මෙම අනතුරු ඇඟවීම් කාලය ඊයේ (31) පස්වරුවේ සිට අද (01) පස්වරුව දක්වා බල පැවැත්වෙන බව එම සංවිධානය වැඩිදුරටත් දන්වා සිටී.

තවද අදියර 1 යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල , යටියන්තොට, වරකාපොල, රුවන්වැල්ල , බුලත්කොහුපිටිය, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල , පාලින්දනුවර , වලල්ලාවිට, ඉංගිරිය , මහනුවර දිස්ත්‍රිකක්කයේ පස්බාගේකෝරළේ , කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක හා පාදුක්ක , මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, අතුරලිය , පිටබැද්දර , කොටපල , නුවරඑළිය දිස්ත්‍රික්යේ අඹගමුව , රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල , අයගම, ගොඩකවෙල, කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි කඳුකර බෑවුම් සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාම් අනතුරු පිළීබඳ විමසිලිමත් වන ලෙස එම සංවිධානය දැනුම් දෙයි.

තවද අදියර 2 යටතේ හඳුනාගත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට , රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර , පැල්මඩුල්ල , කලවාන , සහ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජීවත්වල ජනතාව වර්ෂාව තවදුරටත් පවතින්නේ නම් අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානවෙත යාමට සූදානම් වන ලෙසද එම සංවිධානය ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?