Latestදේශීය

ඩෙංගු රෝගීන් සීග්‍ර වැඩිවීමක් – වෛද්‍ය සුදත් සමරවීර

පසුගිය මාස 03 තුළ ඩෙංගු රෝගීන් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ බවද, මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය මත ඉදිරියේදී ඩෙංගු රෝගීන් වාර්තා වීම මෙයටත් වඩා සීඝ්‍රවනු ඇතැයිද එමනිසා ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන සොයා බලා විනාශ කරන ලෙසද ජාතික ඩෙංගු මර්දන ඒ්කකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා  පැවසීය.

මාධ්‍යයට අදහස් දක්වමින්(02) ඔහු මෙම කරුණු සදහන් කළේය.

සාමාන්‍යයෙන් ඩෙංගු රෝගය වැළදුණු විට අධික උණ, තද හිස රුදාව, ඇස් යට වේදනාව, ඇගපත කැක්කුම, වමනය යෑම, ශරීරයේ බිබිලි සහිත කුෂ්ඨ මතුවීම ආදිය දක්නට ලැබෙන බවද, කියා සිටි වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පැවසුවේ යම් කෙනෙකුට මෙම දින වල උණ පවතී නම් ඒය බොහෝ දුරට ඩෙංගු යැයි සැක කළ හැකි බවයි.

එවන් රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයින් හොදින් විවේක ගැනීමත් මනාව දියර පානයත් අත්‍යවශ්‍ය බව කියා සිටි ඩෙංගු මර්දන ඒ්කකයේ අධ්‍යක්ෂවරයා පැරසිටමෝල් නියමිත මාත්‍රාව ලබාගන්නවාට අමතරව වෙනත් කිසිම ඖෂධයක් ලබාගැනීමෙන් වළකින ලෙස අවධාරණය කළේය.

පැරසිටමෝල් නොවන වෙනත් ඖෂධ වලට සංකූලතා ඇතිවිය හැකි බවද, ඇතැම්විට මරණයට පවා ලක්විය හැකි යැයිද යම් පුද්ගලයෙකුට පැය 24 කට වඩා අධිකව උණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවද පැවසුවේය.

ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන සොයා බලා විනාශ කිරීම සියලුම දෙනාගේ වගකීම බවද කියා සිටි වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙම දිනවල පවත්නා ආර්ථික තත්ත්වයත් සමග බොහෝ ස්ථාන වල ඉදිකිරීම් කටයුතු ඇනහිටඇතැයිද එවැනි ඉදිකිරීම් ස්ථාන වල විශාල වශයෙන් ඩෙංගු මදුරුවන් බෝ වන බවට නිරීක්ෂණය වී ඇතැයිද සදහන් කළේය.

එවැනි ඉදිකිරීම් ස්ථාන වල හිමිකරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් එම ස්ථානවල මදුරුවන් බෝ නොවන ලෙස කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවද වෛද්‍යවරයා අවධාරණය කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?