Latestදේශීය

මේ අර්බුධයට වගකිව යුත්‌තේ ඡන්දය දුන් අය – බැසිල් රාජපක්ෂ

වත්මන් ආර්ථික අර්බුධයට වගකිව යුත්තේ තමන් හෝ වත්මන් ආන්ඩුව කියා කවුරුන් හෝ පවසනවා නම් තමන්ට බලය ලබා දුන් ජනතාව එහි වගකීම බාර ගත යුතු බව බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ(10) පැවති මාධ්‍ය හමුවේදී.

තමන්ට බලය ලබා දුන් ජනතාව මේ අර්බුධයට වගකිව යුතුයි කියන්නේ නැතුව තමන්ට පමණක් චෝදනා එල්ල කිරීම සාධාරණ නැතැයි මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා අවධාරනය කළා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අගමැතිවරයෙකු පත්කිරීමට නිතර යෝජනා ඉදිරිපත් වන බව ද මෙහිදී රාජපක්ෂ මහතා පැවසුවා. 69 ලක්ෂයක ජන වරමක් සමගින් පත්වූ ජනාධිපති කෙනෙක් සහ රටේම ඡන්ද ලක්ෂ 3කට අඩු ඡන්ද සංඛ්‍යාවක් ගත් කෙනෙක් අගමැතිධූරයේ සිටීම ජනවරමට පටහැනි බව බැසිල් රාජපක්ෂ මහතා පැවසුවා.

ද්විත්ව පුරවැසියන් හට පාර්ලිමේන්තුවට පැමිණීමට ඇති හැකියාව අහෝසි කරමින් ගෙන එන 21වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබදවද මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා විවේචනය කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?