ඕස්ට්‍රේලියාවට එරෙහිව පළමු වරට පිතිකරුවන් පස්දෙනකු වැඩ පෙන්වයි
අත්දැකීම් බහුල දිනෙෂ් චන්දිමාල් සහ සිය මංගල ටෙස්ට් තරගයට සහභාගිවන කමිඳු මෙන්ඩිස් විසින් පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනගන ලද ලකුණු 113 ක සම්බන්දතාවයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ පෙරමුණ ගැනීමට අද දින සමත්වුනා.
තුන්වන දිනයේ තරගය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 431 ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියාවට වඩා ලකුණූ 67ක් ඉදිරියෙන් සිටියා.
එහිදී සිය 13 වන ටෙස්ට් ශතකය ලබාගත් දිනේෂ් චන්දිමාල් දිනය අවසන් වනවිට නොදැවී ලකුණු 118ක් ලබාසිටියා. කමිඳු මෙන්ඩිස් සිය මංගල ටෙස්ට් තරගයේදීම අර්ධ ශතකයක් ලබාගනිමින් දස්කම් දැක්වීමත් සමග ඕස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගයක ශ්‍රී ලංකා පිතිකරුවන් පස්දෙනකු අර්ධ ශතකයකට වඩා ලකුණු රැස් කළ ප්‍රථම අවස්තාව බවට එය පත්වුනා. නායක දිමුත් කරුණාරත්න (86) සහ කුසල් මෙන්ඩිස් (85) දෙවන දිනයේදී අර්ධ ශතක රැස්කල අතර අද දිනයේ ඇන්ජලෝ මැතිවුස් ලකුණු 52ක් ලබාගත්තා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

