Latestදේශීය

රාජ්‍ය සේවකයින් 33% ක් අඩු කරන්න සුදානමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීමක් ලෙස රාජ්‍ය සේවයේ තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ඉවත් කිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

ඊයේ (24) රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මෙවැනි අවශ්‍යතාවයක් පිළිබඳව අදහස් දක්වා තිබේ. එහිදී එය කොන්දේසි ඉටු කිරීමක් ලෙස ඔහු විසින් හඳුන්වා දී නැති නමුත් රාජ්‍ය සේවයේ 1/3ක පිරිසක් නොමැතිව වුවද ක්‍රියාත්මක විය හැකි බව ඔහු විසින් ප්‍රකාශ කර ඇත.

ඔහු එහිදී මෙසේ පවසයි,

“කම්කරු, කාර්යාල කාර්යය සහයක වගේ තනතුරු ඇරුනහම අනෙක් ඔක්කම එන්න ඕන තරඟ විභාගවලින්. මුළු රාජය සේවයේ තුනෙන් එකක් ඉන්නේ ඒ කැටගරි එකේ. අපි තුනෙන් එකක් නඩත්තු කරන්නේ මේ කියන රියදුරු, කම්කරු, සහයක කියන ප්‍රමාණය. මේවා තවදුරටත් මෙහෙම නඩත්තු කරන්න බැහැ. අපි අවුරුද්දට රාජ්‍ය වැටුප් සම්භන්දයෙන් ට්‍රිලියනයක් භාන්ඩාගාරයෙන් වියදම් කරනවා. ස්ථීර වශයෙන් අපි හැමෝම දන්නවා මේ රාජය සේවයේ අකාර්යක්ෂම, නිකන් ඉන්න විශාල පිරිසක් ඉන්නවා. සමස්තයක් විධිහට ගත්තම මේකෙන් තුනෙන් එකක් අඩුවෙන් වුණත් මහජන සේවය පවත්වන්න මේ රාජ්‍ය සේවයට බැරිකමක් නැහැ.”

මේ අතර පසුගියදා ඇමති බන්දුල ගුණවර්ධන විසින්ද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබුණේ රාජ්‍ය සේවයේ දැඩි අතිරික්තයක් පවතින බවයි. ඔහු වැඩි දුරටත් ප්‍රකාශකර තිබුණේ රාජ්‍ය සේවයේ නියුතු අතිරික්තය වන්දියක් ලබාදී සේවයෙන් ඉවත් කිරීමට සූදානම් බවය.

Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?