Latestදේශීය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල නිවසත්  අහිමිවෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් අනතුරුව  ඔහුට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට හැකි නමුත් නිල නිවසක් ලබා දීම සම්බන්ධයෙන් නීතිමය බාධාවන් ඇතිව තිබෙන බව රජයේ ඉහළම බලධාරීන් විසින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

දැනට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධුර කාලය අවසන් කළ ජනාධිපතිවරයෙක් නොව ධුරයෙන් ඉල්ලා අස් වූ සහ තම වගකීම අත්හල ජනාධිපතිවරයකු බැවින් ඔහුට හිටපු ජනාධිපති වරප්‍රසාද හිමි නොවන බවට ඉදිරිපත් වී ඇති නීතිමය  තර්කය මත මෙම දැනුම්දීම කර ඇත.

හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා මේ බව  ප්‍රකාශ කර තිබූ අතර නිල නිවසක් ලබා දුනහොත් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් විය හැකි නිසා මේ මොහොතේ නිල නිවසක් ලබාදීම සිදු කිරීමට නොහැකි බවද දන්වා තිබෙනවා. මේ අතර මිරිහානේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවස සුදුසු පරිදි අලුත්වැඩියා කර දීමට හැකි බවට දැනුම් දී ඇතැයිද පැවසෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *