Latestදේශීය

රනිල්ගේ රහසිගත ලේඛනයක් අනුර හෙළිකරයි

පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුගේ මාධ්‍ය ඒකකය සඳහා බඳවාගෙන සිටින සිය ගණනක රහසිගත ලේඛනයක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක (02) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

මේ සියලුම දෙනාට මාසිකය රුපියල් 80,000ක් ඉක්මවූ වැටුප් ගෙවන අතර අනෙකුත් සියලුම වරප්‍රසාදද ලබාදෙන බව එහිදී පැවසීය. ඡායාරූප ශිල්පී, ඡායාරූප සංස්කාරක සහ නිර්මාණශීලී ඡායාරූප සංස්කාරක ආදී වශයෙන් මෙම පත්වීම් නම් කර ඇති බව ඔහු එහිදී අනාවරණය කළේය.

මේ වනවිට විවිධ අවශ්‍යතා මත බැංකු ණය ලබාගෙන සිටින හමුදාව, පොලීසය සහ විශ්‍රාමිකයන් ඇතුළු සියලු දෙනාට ඉතා විශාල පොලී මුදලක් ගෙවීමට සිදුවීමෙන් ඔවුන්ගේ මාසික ආදායම් බැංකු ණය ගෙවීමට පමණක් යෙදවෙන බවද ගෝටාබය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් රාජ්‍ය සේවයට බඳවා ගත් අයට රුපියල් 22,500ක වැටුපකින් පවුලක් ජීවත්කරවීමට සිදුවී ඇති බවත් අවධාරණය කෙරිණ.

එසේම ආර්ථික අර්බුදය හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් වී සිටින ත්‍රීරෝද රථ ආශ්‍රිත රැකියා කරන්නන්, ධීරවරයන් ගොවීන්, සුළු හා මධ්‍යපරිමාන කර්මාන්ත කරුවන්, සංචාරක කර්මාන්තයේ නියුතු වූවන් ඇතුළු ජාතික ආර්ථිකයට සම්බන්ධ වී සිටින සියලුම ක්ෂේත්‍රවල අර්බුදයට ලක් වූ පිරිස් පිළිබඳව මේ අයවැයෙන් කිසිදු සහනයක් ලබාදී නැති බව පෙන්ව දෙනු ලැබීය. වත්මන් ජනාධිපතිට සහ ආණ්ඩුවට ජනවරමක් නැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා පෙන්වා දී ඇති පරිදි ජන මතය නියෝජනය කරන පාලනයක් පිහිටුවාගත යුතු බවත් අයවැය විවාදයට එක්වෙමින් අනුර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කරනු ලැබීය.

Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?