Latestදේශීය

දිනේෂ් වෙනුවට නව අගමැතිවරයෙක්?

වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම ධුරයෙන් ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයකු පත් කර ගැනීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ විය.

විපක්‍ෂයේ ස්වාදීනව කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව කියා සිටියේය.

2023 අයවැය ඉදිරිපත් කිරීමට පෙර නව අගමැතිවරයෙක් පත් කිරීම සදහා ආණ්ඩු පක්ෂයේම පිරිසකගේ සූදානමක් ඇති බවද පැවසූ ඔහු ඒ සඳහා විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන්ද ඇතැම් අය සහාය ඉල්ලා සිටින බවද කියා සිටියේය.

අගමැතිවරුන් තිදෙනකු පත් වී ඇති මේ කෙටි කාලය තුළ සිවුවෙනි අගමැතිවරයකු පත් වනු දැකීමට තමන් ඇතුළු කණ්ඩායම අකැමති බවද හෙතෙම සඳහන් කළේය.

Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?