Latestදේශීය

මාර්තු මාසයේ සිට පළමු වසරට ඉංග්‍රීසි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ,ලබන වසරේ මාර්තු මාසයේ සිට ඇරඹෙන පළමු පාසල් වාරයේ සිට ඉංග්‍රීසි භාෂාව පළමු වසරට හඳුන්වාදීමට සැළසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(19)පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අද වන විට බොහෝ පාසල්වල 6-13 දක්වා ශ්‍රේණිවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා කීය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21- 1 වගන්තියේ අනිවාර්යෙන්ම ඉගැන්වීමේ මාධ්‍ය ලෙස සිංහල භාෂාව සඳහන් වී ඇත.

සම්පූර්ණයෙන් ඉංග්‍රීසි මාධ්‍ය යෙන් ඉගැන්වීම සඳහා මෙම වගන්තිය වෙනස් කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් ද තමා ඉදිරියේදී අවධානය යොමු කරන බව අමාත්‍යවරයා පැවසීය.

පෙර පාසලේ සිටම දරුවන්ට ඉංග්‍රීසී භාෂා සාක්ෂාරතාව ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පැවසීය. මෙරට තිබෙන්නේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමවේදයක් බවත් දශක ගණනාවක් පරම්පරා ගණනාවක් අනාත කළ ක්‍රමවේදයක් බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

අද ජන සමාජයේ අධ්‍යාපනයේ බෙදීමක් ඇති බවත් වහාම මෙම ඉංග්‍රීසි භාෂාව සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු බවද විපක්ෂනායවරයා සඳහන් කළේය. මේ සඳහා ක්‍රමික සැළසුම්සහගත ක්‍රමවේදයක් සකස් කරන්නැයි විපක්ෂනායකවරයා ඉල්ලීමක් සිදු කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?