ක්‍රීඩාදේශීය

දේවපතිරාජයේ සඳරු ලකුණු 2කට කඩුලු දහයම දවාගනී

අන්තර් පාසල් 13න් පහළ I කොටසේ  ක්‍රිකට්  තරගයකදී ඉනිමක කඩුලු දහයම දවා ගැනීමේ දුර්ලභ ගෞරවය හිමිකර ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ දඟ පන්දු යවන සඳරු මල්ෂාන් සමත් වුණා. ඔහු එම දස්කම දක්වනු ලැබුවේ  අම්බලන්ගොඩ P de S කුලරත්න විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 103ක ජයග්‍රහණයක් කරා තම කණ්ඩායම මෙහෙයවමින්. 
 
අහුන්ගල්ල රාජපක්ෂ විද්‍යාලීය ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ දෙවන ඉනිමේදී පන්දු ඕවර 12.5ක යවා සියලුම ක්‍රීඩකයින් දවා ගනුලැබුවේ ලකුණු 2ක් පමණක් ලබාදෙමින්.
 
P de S කුලරත්න කණ්ඩායමට ඉනිම් දෙකේදී රැස්කළ හැකි වූයේ පිළිවෙලින් ලකුණු 19ක් සහ ලකුණු 11ක් පමණයි.
 

කණ්ඩායමේ සාර්ථකත්වයට මනා දායකත්වයක් ලබාදී ඇති මල්ෂාන් තරගාවලියේ මේ වන විට දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 33කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *