Latestදේශීය

COP-27 සමුළුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක්

මේ වනවිට ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) හි දී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP-27 සමුළුවවේ “ආහාර සුරක්ෂිතතාව” පිළිබඳ වට මේස සාකච්ඡාවට අද (07) සහභාගී වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  COP27හි ප්‍රධානියා ලෙස ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ 2023 සහ 2024 ආහාර අවශ්‍යතා තක්සේරු කර ආහාර තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙසයි. අද වන විට ලෝකයේ බිලියනයකට ආසන්න ජනතාවක් කුසගින්නේ පෙළෙන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව මිලියන 300 කට අධික ජනතාවගේ ජීවනෝපාය අනතුරට පත්ව තිබෙන බව පවසන ජනාධිපතිවරයා ගෝලීය ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා තිරසාර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කළ යුතු බවද . මෙම සැලැස්ම 2023 පෙබරවාරි වන විට සකස් කර 2023 පළමු කාර් තුව අවසන් වන විට ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?