Latestදේශීයවිදේශීය

ඉන්දියාව චීනය අභිබවා යයි

ලෝක ජනගහනය වර්ධනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම දත්ත වාර් තා වලට අනුව මේ මස 15 වැනිදා වනවිට ලෝක ජනගහනය බිලියන 8 සීමාව දක්වා ළඟාවන බව සඳහන්වේ.

තවද චීනය අභිබවා යමින් ඉන්දියාව ලොව වැඩිම ජනගහනය සහිත රට බවට 2023 වසරේ දී පත්වනු ඇති බවටද  එම සංවිධානය අදාල වාර් තාව මගින් අනාවරණය කරනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු ගතකිරීම් වලට අනුව ලෝක ජනගහනය 2030 වසර වන විට බිලියන 8.5ක් දක්වාත් වසර 2050 වන විට ලෝක ජනගහනය බිලියන 9.7ක් දක්වාත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. 1950 වසරෙන් පසුව පළමුවරට 2020 වසරේ දී ලෝක ජනගහන වර්ධන වේගයේ අඩුවක් පෙන්නුම් කෙරෙන අතර ඔවුන්ගේ නිරීක්ෂණයට අනුව වසර 2050 වන විට ජනගහන වර්ධනයෙන් අඩක් පමණ කොංගෝ, ඊජීප්තුව, ඉතියෝපියාව, ඉන්දියාව, නයිජීරියාව, පාකිස්තානය, පිලිපීනය සහ ටැන්සානියාව යන රටවල් ආශ්‍රයෙන් වාර් තාවනු ඇති.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?