ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ සිරකරුවන් පිළිබද සාකච්ඡා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සම්බන්ධයෙන් වු විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතුහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් , විදේශ කටයුතු අමාත්‍යජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහභාගිත්වයෙන් (18) අධිකරණඅමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම පනත යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබදව මේ වන විට සිදු කර ඇති විමර්ශන, ඔවුන් බන්ධනාගාර ගතව සිටි කාලය හා නිදහස් කිරීම සම්බන්ධව ගෙන ඇති පියවර පිළිබදව මෙහිදී සාකච්ඡා විය.

නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සාකච්ඡාව සදහා පැමිණිජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පිළිබදව සිදු කරන ලද විමර්ශන හා සිර දඩුවම් නියම කර සිටිනසිරකරුවන් මෙන්ම නිදහස් කර ඇති සිරකරුවන් සම්බන්ධව කරුණු පැහැදිලි කළ අතර, මෙම පනත යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන්පිළිබදව ඉදිරි කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය, ත්‍රස්ත විමර්ශන ඒකකය හා බන්ධනාගාරදෙපාර්තමේන්තුව එක්ව සාකච්ඡා කර සිදු කිරීමට තීරණය විය.

මෙම සාකච්ඡාවට අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාරඋපුල්දෙණිය, හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර යන මහත්ම මහත්මීන් සහ නීතිපතිදෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවනියෝජනය කරමින් උසස් නිලධාරීන් සහභාගි විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *