ඉන්දුනීසියාවේ භූමිකම්පාවකින් සිය ගණනක් මියයයි
ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත වන ජාවා දූපතේ ඇති වූ භූමිකම්පාවකින් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් සිය ගණනක් තුවාල ලබා ඇති බව අන්තර්ජාතික පුවත් ඒජන්සි වාර්තා කරනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ දත්ත වලට අනුව,රික්ටර් මාපකයේ 5.6 ක් ලෙස සටහන්වූ භූමිකම්පාව බටහිර ජාවා හි සියන්ජුර් නගරයට කිලෝමීටර් 10 ක දුරකින් අතිවී තිබෙනවා.
විශාල පිරිසක් රෝහල් ගතකර ඇතිඅතර බොහෝ දෙනෙක් රෝහල් වලින් පිටතදීත් ප්‍රතිකාර ලබා තිබෙනවා.
කඩා වැටුණු ගොඩනැගිලි යට තවමත් සිරවී ඇතැයි සැලකෙන අය බේරා ගැනීම සඳහා සහන කණ්ඩායම් රාත්‍රිය පුරා කටයුතු කර ඇති බවත් වාර්තා වනවා.
භූමිකම්පාව ඇති වූ ප්‍රදේශය ජනාකීර්ණ හා නායයෑම්වලට ගොදුරු විය හැකි තත්වයේ ප්‍රදේශයක් වන අතර එහි දුර්වල ලෙස ඉදිකරන ලද නිවාස සුන්බුන් බවට පත්ව ඇත.
මේ වන විට මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව නිශ්චිත නොවන අතර ඉන්දුනීසියාවේ ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය (BNPB) පවසා ඇත්තේ ඔවුන්ගේ නිල මරණ සංඛ්‍යාව 103 ක් වන බවයි. කෙසේවෙතත් ප්‍රාදේශීය ආණ්ඩුකාර රිඩ්වාන් කමිල් විසින් ලබා දුන් තහවුරු නොකරන ලද තවත් වාර්තාවකින් කියවුනේ එම සංඛ්‍යාව 162ක් වනබවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

