Latestක්‍රීඩාදේශීය

වසර 11කට පසු ගුවන් හමුදාව ජාතික ජල පන්දු ශූරතාව හිමිකරගනී

ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි ජල පන්දූ (water polo) කණ්ඩායම වසර 11 කට පසු ජාතික ජල පන්දු ශූරතාවය තමන්සතු කරගැනීමට සමත්වී තිබෙනවා.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය (SLASU) විසින් පවත්වන 2022 ජාතික ජල පන්දූ ශූරතාවය නොවැම්බර් 18 වනදා සිට කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පවත්වනු ලැබුවා.

එහිදී පිරිමි අවසන් තරගයේදී ගුවන් හමුදා කණ්ඩායම 9-7ක් ලෙස ඕල්ඩ් තෝමියන්ස් (Old Thomians) කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය හිමිකර ගත්තා. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ නායක ගුවන් භට ආර්, එල්. කේ. උදයත්‍ර සම්මානයට පාත්‍ර වූ අතර කැඩේට් නිලධාරී යූ. අයි. ඕ. ද සිල්වා තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි සම්මානය දිනා ගත්තා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *