Latestදේශීය

වීරවංසට එරෙහි අයතා වත්කම් නඩුවේ ලිඛිත දේශන ගොනුකිරීමට නියෝග

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයතා ලෙස අත්පත් කරගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසට එරෙහිව ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ජනවාරි මස 16 වනදාට පෙර ගොනුකරන ලෙස කොළඹ මහාධිකරණය ඊයේ (28) නියෝග කර තිබේ.

ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මීට පෙර දින මූලික විරෝධතාවක් මතු කරමින් අල්ලස් පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ සේවකයින් වශයෙන් අර්ථකථනය කර නොමැති හෙයින් එම පනත යටතේ තම සේවාදායකයාට නඩු පැවරීමට හැකියාවක් නොමැති බවට කරුණු දක්වා තිබුණි.

එම මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ජනවාරි මස 16වනදාට පෙර ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා විසින් පැමිණිලිකාර අල්ලස් කොමිසම සහ විත්තිය නීතිඥවරුන්ට දැනුම් දී ඇත.

වසර 2010 සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයථා ලෙස උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකොට ඇති බවට චෝදනා කොට හිටපු ඇමති විමල් වීරවංසට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබිණි.

Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?