Latestවිදේශීය

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරයකින් සිසුන් පිරිසක් මියයයි

උතුරු ඇෆ්ගනිස්ථානයේ ආගමික පාසලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
සමන්ගන් පළාතේ අයබක් නගරයේ මෙම පිපිරුම සිදුව ඇති අතර, මිනිසුන් යැදුම් වලින් පසු පිටව යමින් සිටියදී මෙම ප්‍රහාරය සිදුවී ඇතිබව වාර්තා වනවා.
ඝාතනයට ලක්වූවන්ගෙන් බහුතරය වයස අවුරුදු නවයේ සිට 15 දක්වා ළමුන් බව විශ්වාස කෙරෙන බව සමන්ගන් හි මූලාශ්‍රයක් උපුටා දක්වමින් බීබීසී වාර්තා කර තිබුණා.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු කණ්ඩායමක් භාරගෙන නොමැති අතර, මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පැවසෙනවා.
ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයකු පැවසුවේ මියගිය අයගෙන් වැඩි දෙනෙක් පාසලේ සිසුන් බවයි.
වෛද්‍යවරයකු උපුටා දක්වමින් AFP පුවත්සේවය වාර්තා කළේ  මියගිය අය සියල්ලෝම කුඩා දරුවන් සහ සාමාන්‍ය මිනිසුන් බවයි.
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?