Latestදේශීය

2023 දී කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් වැදගත් තීරණ රැසක්

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ආයතන අටක් පිළිබඳ ලබන වසරේ දී යම් යම් තීන්දු තීරණ වලට එළඹිමට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර තිබෙනවා.

පොහොර බෙදා හැරීම සඳහා පවතින සමාගම් වන ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම එක් සමාගමක් බවට පත් පත් කිරීමට නියමිත බවත්  හෙක්ටර්කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු ආයතනය මෙන්ම අනුරාධපුරය පසු අස්වනු තාක්ෂණ ආයතනය එක් ආයතනයක් බවට පත් කරනු ඇති බව මෙම ප්‍රකාශය තුළ සඳහන් .

එසේම මිල්කෝ ආයතනය සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලය එක් ආයතනයක් බවට පත් කරන අතර ලංකා හදබිම අධිකාරිය සහ ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ද එක් ආයතනයක් බවට පත් කරනු ඇති.

අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කර තිබුණේ අඟුණකොළපැලැස්සේ  ඇති තම කුඹුරු ඉඩම් අස්වැද්දීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?