Latestදේශීය

මෝටිවේෂන් අප්පච්චි සහ බස් ගැමුණු යොදාගෙන වසන්ත සිරකිරීමේ ආන්ඩුවේ කුමන්ත්‍රණය පරාජය කරනවා – අ.වි.ශි.බ.ම.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 116ක් පුරා රදවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බළමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නඩු කටයුත්ත පිළිබදව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බළමණ්ඩලය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනය පහතින්,

දින 116ක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සිරගත කර සිටින අන්තර් විශ්ව්විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සම්බන්දව නීතිපති නිර්දේශ ලබාදීම සදහා එම නඩුව 12/12 දින අළුත්කඩේ 08 මෙහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවන ලදී.වසන්ත මුදලිගේ වෙනුවෙන් ජනාදිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ නුවන් බෝපගේ ඇතුලු නීතිඥ වරු කණ්ඩායමක් පෙනී සිටි අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජෙනරාල්  දිලීප පීරිස් පෙනී සිටියහ.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව(ආණ්ඩුව) වෙනුවෙන් පෙනී සිටි දිලීප පීරිස් සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කලේ මේ වන තවමත් මෙම නඩුවේ විමර්ශණ කටයුතු වලින් අවසන් වී නැති බවට ත්‍රස්ත විමර්ශන ඒකකය සඳහන් කරන නිසා වසන්ත මුදලිගේ සදහා ඇප ලබාදීම නිර්දේශ කළ නොහැකි බවයි.

වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි ජනාදිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කලේ නීතිපති උපදෙස් නොමැතිව අධිකරණයට ඇපදිය නොහැකි නිසා විමර්ශණ සිතාමතා ප්‍රමාද කරන බවය.එසේම වසන්ත මුදලිගේ සම්බන්දයෙන් මේ වන විට ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ සදහන් කර ඇති චෝදනා මේ වන විටත් සාමාන්‍ය අපරාධ නීතිය යටතේ වෙනත් උසාවි වල විභාග වන බැවින් මෙම නඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන් ඉවත් කර අධිකරණය ඇපදීමේ බලය පවතින බව සදහන් කලහ.ඒ සඳහා ඇපෑලක් යොමුකිරීමට දිනයක් ලබාදෙන ලෙස සිදු කළ ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත්තුමිය අද දින( 12/13 )දින ලබා දෙන ලදී.

ඒ අනුව අද(13) දින නැවත මෙම නඩුව කැඳවූ අතර එහිදී මෙම නඩුව සම්බන්දව ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ ත්‍රස්තවාදය වැලක්වීමේ පනතින් නඩු පැවරීමට කිසිදු චෝදනාවක් නොමැති බව ජනාදිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු ඉදිරිපත් කල අතර නීතිපති දෙපාර්තමේන්තුව(ආණ්ඩුව) කරුණු දක්වමින් කියා සිටියේ තවමත් විමර්ශණ අවසන් නොමැති බවයි.

එහිදී මහේස්ත්‍රාත්තුමිය මාස 04 රදවා තබාගෙන තවදුරටත් විමර්ශණ අවසන් කිරිමට නොහැකි වූයේ ඇයි දැයි ප්‍රශ්න කල අතර අරගලයට විශාල ප්‍රමාණයක් මිනිසුන් සම්බන්ද වුවත් වසන්ත මුදලිගේ පමණක් කොටුකර පහර දීම යුක්ති සහගත නොවන බවත් සදහන් කලහ.එහිදී නිතිපති වෙනුවෙන් කරුණු දක්වමින් සදහන් කලේ මෝටිවේශන් අප්පච්චි නම් පුද්ගලයෙකු හා ගැමුණු විජේරත්න  යන අය වසන්ත මුදලිගේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බදට ප්‍රකාශ ලබාදී ඇති බවයි.

දිගින් දිගටම ත්‍රස්ත විමර්ශන ඒකකය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම සළකා බැලූ මහේස්ත්‍රාත්තුමිය වසන්න මුදලිගේ සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් 2023 ජනවාරි 17 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස ත්‍රස්ත විමර්ශන ඒකකයට නියෝග කරන ලදී. තවදුරටත් මහේස්ත්‍රාත් වරිය ත්‍රස්ත විමර්ශන ඒකකය සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙත සඳහන් කළේ මේ සම්බන්ධයෙන් හෘද සාක්ෂියට අනුව කටයුතු කරමින් ජනවාරි 17ට පෙර පරීක්ෂණ අවසන් කර ඇප ලබාදීමට කටයුතු කරන ලෙසයි.

මෙම නඩුව සම්බන්දව නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන සහකාර පොලිස් අධිකාරී රත්නායක සම්බන්දව වසන්ත මුදලිගේට සහ සිරිධම්ම හිමිට කායික හා මානසික වදහිංසා ලබාදීම සම්බන්දව පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති අතර මීට පෙරද වෙනත් චෝදනාවක් සම්බන්ධයෙන් යම් කාලයක් පොලිස් සේවයෙන් ඉවත්කල පුද්ගලයෙකි.මෝටිවේසන් අප්පච්චි යනු අරගලය භාවිතා කර මුදල් ගැරීම නිසා අරගල භූමියෙන් එළවා දැමූ පුද්ගලයෙකි.බස් ගැමුණු යනු රනිල්ගෙ ගෙදර වහල්කම් කරන දාසයෙකි. එවැනි ආණ්ඩුවේ නිවට හෙන්චයියන් යොදාගෙන ප්‍රකාශ ලබාගනිමින් කිසිදු සාක්ශියක් නොමැතිව වසන්ත මුදලිගේ සිරකර තැබීමේ ආණ්ඩුවේ බියගුලු කුමන්ත්‍රණය පරාජය කල යුතුය.ඒ සඳහා රටක් ලෙස අපි එකට එක්වෙමු.අරගලය ජය ගමු.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?