Latestදේශීය

මහ කන්නයේදී සිදුවූ අස්වනු හානිය වෙනුවෙන් ගොවීන්ට මුදල් සහනාධාර

පසුගිය මහ කන්නයේදී සිදු වූ අස්වනු හානිය සැළකිල්ලට ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන 08ක මුදලක් මෙරටට ලබාදී තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකුව විසින් පිරිනමන ලද රුපියල් බිලියන 08ක මුදල ගොවි ගිණුම්වලට බැර කිරීම අද (29) පෙරවරු 10.00 ට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී නිල වශයෙන් සිදු කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එම මුදල් කුඹුරු හෙක්ටෙයාරයක් ඇති ගොවීන් සඳහා රුපියල් 10,000 ක් සහ කුඹුරු හෙක්ටෙයාර් 2ක් ඇති ගොවීන් සඳහා රුපියල් 20,000 ක් බැගින් ලබාදීමට නියමිතව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

හෙක්ටෙයාර් ලක්ෂ 08ක භූමි ප්‍රමාණයක් මෙවර මහ කන්නයේදී වී වගා කරන වන අතර මේ වනවිටත් වගා කටයුතු ආරම්භ කර ඇති හා අවසන් කර ඇති කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 760,000 ඉක්මවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?