Latestදේශීය

තවත් පිරිසක් කැබිනට්ටුවට

පෙබරවාරි මස මුල් සතිය තුල කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එහිදී ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජේෂ්ඨයින් රැසකට නව කැබිනට් අමාත්‍ය ධුර හිමි වනු ඇති අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි වජිර අබේවර්ධන මහතාට සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් දුමින්ද දිසානායක මහතාට මෙම නව කැබිනට් තනතුරු හිමි වනු ඇතැයි සදහන්ය.

එස්.එම්. චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, එස්.බී. දිසානායක, සී.බීි රත්නායක යන පිරිසට මෙම නව අමාත්‍ය ධුර හිමි විමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?