Uncategorized

යාපනය, අනලතිව් දූපතේ දී සොයා ගත් කේරළ ගංජා තොගය

ශ්‍රී ලංකා නාවික හමුදාව ‍පොලිසිය හා එක්ව (ජනවාරි 24) උදෑසන යාපනය, අනලතිව් දූපතේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 60 කට අධික තොගයක් (‍තෙත බර සහිත) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය මඟින් යාපනය, කයිට්ස් ‍පොලිසිය හා එක්ව යාපනය, අනලතිව් දූපතේ වෙරළ ප්‍රදේශයේ අද දින (2023 ජනවාරි 24) උදෑසන සිදුකළ මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ තීරයට පාවී එන ලද ගෝනි උර දෙකක් (02) තුල පාර්සල් 25 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 60 ග්‍රෑම් 652 ක පමණ තොගයක් (‍තෙත බර සහිත) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා සෝදිසි මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමන ලදැයි සැකකෙරෙන මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම, රුපියල් මිලියන 20 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා ‍තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?