Latestදේශීය

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ.

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා

www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන්ට ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරනු ලැබුවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 334,805 දෙනෙකු අයදුම් කළ අතර විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 329,668ක් බවත් ,යම් සිසුවෙකුට ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය වන්නේ නම් පෙබරවාරි 28 වන දින දක්වා ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් කඩඉම් ලකුණු ද මේ වන විට නිකුත් කර තිබෙන අතර එය පහත පරිදි වේ.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩඉම් අවම ලකුණු සංඛ්‍යාව 153කි.

හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එය ලකුණු 150ක් වන අතර අම්පාර, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්ක සදහා අවම කඩඉම් ලකුණු සංඛ්‍යාව ලකුණු 148කි.

නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා අවම කඩඉම් ලකුණු සංඛ්‍යාව 147 ක්වන අතර , මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක සඳහා අවම කඩඉම් ලකුණු සංඛ්‍යාව 145කි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?