Latestදේශීය

බදු නොගෙවූ සමාගම් ගැන ආන්ඩුවට වගේ වගක් නැහැ – දුමින්ද නාගමුව

(අනුරාධ හිරිපිටියගේ)

බඳු පීඩනය මුදා හැරිය යුත්තේ ප්‍රකෝටි ගණන් ලාභ ලබන ධනවත්ම ව්‍යාපාරික පැළැන්තියට මිස සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කර්මාන්තකරුවන්ට හෝ රුපියල් ලක්ෂයට වඩා වැඩි වැටුපක් ගන්නා වෘත්තිකයන්ට නොවේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ පැවසීය.
උද්ධමනකාරි තත්ත්වය හමුවේ එදා ලක්‍ෂයක වටිනාකම අද රුපියල් හතළිස් දහස දක්වා පමණ අඩු වී ඇතැයි ද ඔහු කීවේය. වත්මන් බදු සංශෝධන හරහා සිදුවන්නේ බුද්ධි ගලනය සිදුවී විශ්වවිද්‍යාල පද්ධතිය පවා වැසීයෑමේ අවදානමකට ලක්වීම යැයි ද කී නාග මුව මහතා අවුරුදු පහක් හයක් යන විට එම තත්ත්වය උදා වනු ඇතැයි ද සඳහන් කළේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් ද රට හැර යෑමේ අවදානමක් නව බදු හරහා ඇති වී ඇතැයි ද හෙතෙම පැවසීය. බොයිලර් කුකුළන් බිහි කරනව මෙන් විශේෂඥ වෛද්‍යවරුන් බිහි කළ නොහැකි යැයි ද හෙතෙම පැවසීය.

නාගමුවේ මහතා මෙසේ ද කීවේය. 2020 වසරේ දී ලියාපදිංචි සමාගම් 60721කින් රුපියලක් හෝ “සමාගම් බදු” ගෙවා තිබෙන්නේ සමාගම් පහළොස් දහස් හැට නමයක් පමණයි. ඒ කියන්නේ 75.27ක් බදු ගෙවලා නෑ. ඒ වගේම 2020 වැව් ලිපිගොනු 62765කින් රුපියලක් හෝ ගෙවා ඇත්තේ දහ දහස් හයසිය දෙකයි. අනිත් අය එකතු කරගත් වැට් පවා ගෙවා නෑ. 2021 වසරේ දී සමාගම් 105000කින් රුපියලක් හෝ සමාගම් බදු ගෙවා තිබෙන්නේ සමාගම් දහසය දහසක් පමණයි. මේවා අය කරගන්න ආණ්ඩුවට කිසිම සැලැස්මක් නෑ වගේම උවමනාවකුත් නෑ. කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි ප්‍රබලම සමාගම් 100ක වාර්ෂික ශුද්ධ ලාභය කෝටි විසි දහසක් පමණ වෙනවා. එවැනි සමාගම්වලිනුයි බදු අය කර ගත යුත්තේ. ලෝකයේ එවැනි බදු අය කරගත් අවස්ථාවලට උදාහරණ තිබෙනවා.

නමුත් මේ ආන්ඩුව තලා පෙළන්න හදන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපරිකයින්ව හා වෘත්තිකයන්වයි. මේක ඉතාම අසාර්ථක බදු ප්‍රතිපත්තියක්. ඒ වගේම සුළු හා මධ්‍යම පරිමාන කර්මාන්ත වැසී යන ආකාරයේ බදු ප්‍රතිපත්තියක්. පෙරගාමී සමාජවාදී පක්ෂය මේ බදු ප්‍රතිපත්තියට විරුද්ධයි.

දිවයින පුවත්පත

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?