Latestදේශීය

ජංගම දුරකථන ආනයන නීති දැඩි කිරීමට පියවර

ජංගම දුරකථන ආනයනකරුවන් සමග අද (31) මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී  මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ නීතිවිරෝධී  ලෙස සිදු කරන ජංගම දුරකථන ආනයනය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එම ආනයනයන් හේතුවෙන් රටට විශාල බදු ආදායමක් අහිමි වන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙනවා.

නීත්‍යානුකූලව ආනයනය කෙරෙන සියලුම දුරකථනවල IMEI අංක විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කිරීමක් සිදු කෙරෙන අතර දුරකථන අස්ථානගතවීම් හෝ වෙනත්  නීතිවිරෝධී ක්‍රියාවන්වලදී එම දුරකථනය හඳුනා ගනු ලබන්නේ මෙම අංකය භාවිතයෙන් බවද නමුත් නීතිවිරෝධී ලෙස ආනයනය කෙරෙන දුරකථන එවැනි ලියාපදිංචි කිරීමක් සිදු නොවන බවද  එහිදී අනාවරණය විය.

තවද නීත්‍යානුකූලව ආනයනය කරන සියලු ජංගම දුරකථන සෞඛ්‍ය ආරක්ෂිත බවට තහවුරු කිරීමක් සිදු කෙරුණ ද නීතිවිරෝධී ආනයනයන්වලදී එවන්නක් ද සිදු නොවන බව මෙහිදී අනාවරණය විය.

මෙම කරුණු අනාවරණය වීමෙන් පසු මේ සම්බන්ධයෙන් දැනට පවතින නීති දැඩි කරන්නැයි අමාත්‍යවරයා රේගුවට උපදෙස් ලබාදී ඇත.

ලබන සඳුදා වනවිට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස ද ඉල්ලා සිටි රාජ්‍ය අමාත්‍යවරයා නීතිවිරෝධී ආනයනයන් වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස  වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට ද උපදෙස් ලබාදී තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?