Latestදේශීය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුවෙන් වසන්ත නිදහස්

තස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

අද කොළඹ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ලබාදී තිබෙන්නේ සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරදි කිසිවක් අනාවරණය නොවන බව ප්‍රකාශයට පත් කරමින්.

පසුගිය නොවැම්බර් 21 වැනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කරමින් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන දින 89 ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව මුදලිගේ මතතා මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අද මෙම නඩුවෙන් ඔහු නිදහස් කෙරුණ ද තවත් නඩු කිහිපයකට අදාළව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරග කර තිබෙනවා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?