Latestදේශීය

රාජ්‍ය ආයතනවල සේවක සංඛ්‍යාව කප්පාදු කිරීමට තීරණය කෙරේ

රාජ්‍ය ආයතනවල සේවක සංඛ්‍යාව අඩුකිරීම මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කර සිටියේ අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

සෑම ආයතනයකම සම්පුර්ණ සේවක සංඛ්‍යාව අඩු කිරීම සඳහා මේ දිනවල ක්‍රියාකරගෙන යන බවත් ඵලදායි නොවන සේවකයින් ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය ද මේ වනවිට ක්‍රියාවට නැංවා ඇති බවත් අමාත්‍යවරයා පවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වු බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා,

සෑම අමාත්‍යංශයකම වියදම් අඩුකිරීම සඳහා චක්‍රලේඛන ගත ගිවිසුමකට අමාත්‍යංශ ලේකම්වරු බැඳිලා තියෙනවා. ඒ අනුව උදාහරණයක් ලෙස දුම්රියට සාමාන්‍ය කම්කරුවන් 3,000ක් බඳවා ගන්නවා. ඒ සේවකයින්ගෙන් එකම කම්කරුවෙක්වත් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නේ නෑ. බහුකාර්ය බළකායට දැනට රජයේ සේවයට බැඳිලා ඉන්න තැනැත්තන් ඉන්නවා. සාමාන්‍ය පෙළ දක්වා ගිය හෝ සාමාන්‍ය පෙළ සමත් නොමැති අය ඒ ඒ ප්‍රදේශ අනුව අපි බඳවා ගන්නවා දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවන් ලෙස ස්ථීර සේවයට. එවිට ඔහුට දුම්රිය කම්කරුවෙක් ලෙස උසස්වීම් යනාදිය ලබාගෙන ගමන් කරන්නත් පුළුවන්. විශ්‍රාම වැටුප් සහිත සේවයකට ඔහුව යොදනවනවා. එතැනින් අලුත් රස්සා ලැබෙන්නේ නෑ දැනට ඉන්න රාජ්‍ය සේවය තුළින් තමා බොහෝ පුරප්පාඩු පුරවා ගන්නේ. අධ්‍යාපන අමාත්‍යංශයටත් එහෙමයි. මම හිතන්නේ 26,000කට වඩා වැඩි ගුරුවරු පිරිසක් බඳවා ගන්නවා. ඒ බඳවා ගන්නේ දැනට රාජ්‍ය සේවයේ තුළ සිටින අයගෙන් තමා බඳවා ගන්නේ. අතිරික්තව ඉන්න අය ස්වයං විශ්‍රාම ගන්වන්න තමා රාජ්‍ය ආයතන කටයුතු කරන්නේ. අපි යටතේ තියෙන ආයතනවලත්, මාධ්‍ය ආයතන තුළත් ස්වයං විශ්‍රාම යෑම සඳහා කැමැත්ත පළ කරලා තියෙන අය යැවීම ගැන කටයුතු කරනවා.”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?