Latestදේශීය

මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාතර කඹුරුගමුව ප්‍රදේශයේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කඹුරුගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වූ  34 හැවිරිදි පුද්ගලයෙකි.

කඹුරුගමුව බොරෝල්ල මාර්ගයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාරගයකදී මෙම අනතුර සිදුව ඇත්තේ මාතර සිට මහනුවර බලා අද පස්වරුවේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් හා මෝටර් රථය ගැටීමෙන්.

කොටවිල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?