Latestදේශීය

ATM යන්ත්‍ර අසල ආරක්ෂාව වැඩිකෙරේ

ATM යන්ත්‍ර පවතින ප්‍රදේශවල මුර සංචාර ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසනවා.

පසුගිය දා කුරුණෑගල ප්‍රදේශයේදී සැකකරුවෙකු ATM යන්ත්‍රයක තිබූ මුදල් සොරාගෙන ගොස් තිබෙන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඔහු ATM යන්ත්‍රය අලුත්වැඩියා කරන ලෙස පැමිණ  එහි තිබූ මුදල් ලබාගෙන ඇති බවයි.

පසුගිය කාලය පුරා සිදුවූ ATM යන්ත්‍ර මංකොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිවද  නීතිමය පියවර ක්‍රියාත්මක කරමින් පවතින බවද පොලීසිය වැඩිදුරටත් පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?