Latestදේශීය

ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි

අද 9 වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ තමන්ට අවශ්‍ය වන්නේ ජනප්‍රිය වීමට නොවන බවත් රට වැටී ඇති අර්බුදයෙන් රට ගොඩ ගැනීම බවයි. 

පසුගිය කාලය තුළ ගත් පියවර නිසා ජනතාවට පීඩනය හෙමින් හෙමින් අඩුකරන්න හැකිව තියෙන බවත් දැන් ආර්ථිකය යම් ස්ථාවරයක් ඇති බවත් අනතුරුදායක වැල් පාලමේ ශ්‍රී ලංකා මාතාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන ඒමට හැකියාව ලැබී ඇති බවත් එම ගමන ලේසි පහසු ගමනක් නෙවන බව සහ ගමන තවමත් අවසන් නොමැති බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා. 

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණවලදී ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු මාරු කිරීමේ අවස්ථාව ඕනෑම පුරවැසියකුට තිබෙන නමුත් කිසිවෙකුට , කිසිදු දේශපාලන පක්ෂයකට හෝ කිසිදු කණ්ඩායමකටත්  ශ්‍රී ලංකාව අරාජික කිරීමේ අයිතිය  නොමැති බවයි


 කැමැත්තකින් බදු පැනවීම් සිදුනොකළ බවත්  කැමති දේ කළ පමණින් රට ගොඩනැංවිය නොහැකි බවත්  සඳහන් කළ ජනාධිපතිවරයා, අකමැත්තෙන් වුවත් නිවැරදි දේ කළ යුතුව ඇති බවයි අවධාරණය කළේ.

උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළොත් රටට රුපියල් බිලියන 100ක් අහිමි වන බවද බදු සීමාව රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවූවොත් රටට රුපියල් බිලියන 63ක් අහිමිවේ.අහිමි වන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 163ක්. ශ්‍රී ලංකව එතරම් මුදලක් අහිමි කරගන්න පුළුවන් තත්ත්වයක නොසිටින බවද පෙන්වාදෙන ජනාධිපතිවරයා,තව මාස 5ක, 6 ක කෙටි කලක් මේ අමාරුව විඳ දරා ගතහොත් විසඳුමක් වෙත යා හැකි බවයි වැඩිදුරටත් කියාසිටියේ.

පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා  වැඩිදුටත් පැවුසවේ‘මේ විදියට ඉදිරියට ගියොත් අවුරුද්දේ තුන්වෙනි, හතරවෙනි කාර්තු වෙද්දි රජයේ සේවකයන්ට වැඩිපුර දීමනාවක් ලබා දෙන්න අපට පුළුවන්. පුද්ගලික අංශයට සහන ලබාදෙන්න පුළුවන්. මුළු රටේම ජනතාවගේ අතමිට අදට වඩා සරු කරන්න පුළුවන්. රැකියා ආදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොළිය අඩු කරන්න පුළුවන්. තවත් අවුරුදු තුනක් ගතවෙද්දි අද ලබන ආදායමට වඩා සියයට 75ක පමණ වැඩි ආදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්”

තමන් කිසි විටෙක ඉටු කිරීමට නොහැකි දේ ප්‍රකාශ නොකරන බවත්,  බලය වෙනුවෙන් බොරු නොකියන බවත් ජනාධිපතිවරයා පැවසුවා.

”අය වැය කතාවේ දී හා පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී කියු හැම දෙයක්ම මම ක්‍රියාත්මක කරමින් යනවා. ඒ ඔස්සේ ආර්ථිකයේ කිසියම් ස්ථාවරත්වයක් ඇති කරන්නට දැන් අපට පුළුවන් වෙලා තියෙනවා. බොරුවෙන් අනාගතය ගොඩනංවන්න බැරි බව දැන් බොහෝ දෙනෙකුට අවබෝධ වෙමින් තියෙනවා” 

ජනාධිපතිවරයා පැවසුවේ, තමන් කිසි විටෙක ඉටු කිරීමට නොහැකි දේ ප්‍රකාශ නොකරන බවත්,  බලය වෙනුවෙන් බොරු නොකියන බවත් ය. 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?