Latestදේශීයමතවාදවිදේශීය

තුර්කිය හමුවේ මිනිස් ශිෂ්ඨාචාරයේ සූදානම

(මහේෂ් හපුගොඩ)

සමකාලීන ඉතිහාසයේ දැවැන්තම ස්වභාවික ව්‍යසනයක් විය හැකි තුර්කි – සිරියා භූමිකම්පාව මේ වනවිට මිනිස් ජීවිත 6000කට වැඩි පිරිසක් ගොදුරුකරගෙන තිබෙනවා. තට්ටු නිවාස සහ ගොඩනැගිලි සිය ගණනක් එහෙම පිටින්ම පොළොවට වැළලී ඇති තුර්කියේ මිනිසුන් පොළොවට යටවූ ජීවිත සොයා තම දෑතින් පොළොව කණිමින් තිබෙනවා. සහන සේවකයින් නොයෙක් රටවල් වලින් මේ වනවිටත් තුර්කිය වෙත ළඟා වෙමින් තිබෙනවා.

මේ සිදුවූ භූමි කම්පාව රික්ටර් මාපකයේ 7.5 සහ 7.8 අතර වියහැකියැයි සඳහන් වෙනවා. තවත් දහස් ගණනක් තවමත් පොළොව යට සිරගතව ඇතැයි සහන සේවයකින් අනුමාන කරනවා. ඒ අතර මේ වනවිට තුර්කියේ කාලගුණය ඉතාම සීතල අතර එය සෙල්සියස් මයිනස් අගයක් යැයිද වාර්තා වෙනවා.

ගොඩනැගිළි කඩා වැටීමෙන් නින්දේදීම මරණයට පත්වූ සහ පොළොවට යටවූ සිය දහස් ගණනක් පිළිබද කිසිදු විස්තරයක් මේ වනවිටත් වාර්තා වන්නේ නැහැ.ඉනුත් විශාල ප්‍රමාණයක් ස්ත්‍රීන් සහ දරුවන් වියහැකි බව සහන සේවකයින් පවසනවා.

ඇමෙරිකානු මේ ප්‍රදේශයේ භූගෝලීය තත්වය ගැන පර්යේෂණවල නියැලෙන භුගෝල විද්‍යා සමීක්ෂකයින් පවසන්නේ ගියගොස් ඇති ගණන අවම වශයෙන් 10000ක් පමණ වියහැකි බවයි.

බොහෝ තුර්කි වැසියන් පවසන්නේ මේ පැමිණ තිබෙන්නේ අප කවදා හෝ බලාපොරොත්තුවෙන් සිටි ලෝක විනාශය බවයි (apocalypse).

සත්‍යලෙසම අප හමුවට කොයි මොහොතක හෝ පැමිණිය හැකි මෙවන් දැවැන්ත ව්‍යසන වෙනුවෙන් අප තවමත් මිනිස් ශිෂ්ටාචාරයක් ලෙස සුදානම් ද?

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?