Latestදේශීය

ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරේ

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රජය විසින් ගෙන ඒමට යෝජනා කර ඇති නව ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා කඩිනමින් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ අදාළ පනත් කෙටුම්පත ඉක්මනින් අනුමැතිය සඳහා සූදානම් කරන ලෙසයි.

 අදාල පනතට අන්තර්ගත විය යුතු කරුණු සහ එහි සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක්  අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

 දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාව ගේ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් පුරවැසි අයිතීන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන ලෙස ජාතික ආරක්ෂක පනත කෙටුම්පත සකස් කිරීමට රජය පියවර ගෙන ඇත.

 දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත වෙනුවට ගෙන ඒමට නියමිත නව පනත් කෙටුම්පත වර්තමානයට ගැළපෙන ලෙස සකස් කර යාවත්කාලීන කර ගැනීම අද ධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්වූ සාකච්ඡාවේ මූලික අරමුණයි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව පනත් කෙටුම්පත සකස් කිරීමඅතිරේක සොලිස්ටස් ජෙනරාල් ජනාධිපති නීතීඥ නෙරීම් පුල්ලේ, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන් ගේ සම සභාපතිත්වයෙන් යුත් නීතිඥ කමිටුවක් විසින් සකස් කරීමට නියමිතව ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?