Latestදේශීය

තැපැල් ඡන්ද අයදුම්පත් 675,000ක්

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා 675,000කට අධික තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබෙනවා.

ඒ අතුරින් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර 37,000ක් පමණ ප්‍රතික්ෂේපවී ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

තවද තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු ලබන 15 වැනිදා තැපෑලට භාරදීමට නියමිතව තිබෙන බවද කොමිෂන් සභාව සඳහන් කරනවා.

ලබන 19 වැනිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීමට නියමිතව ඇත. බවයි.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම, ලබන 22, 23 හා 24 යන දිනවල පැවැත්වීමට නියමිත අතර මෙවර මැතිවරණ රාජකාරී සඳහා ලක්ෂ 2කට ආසන්න රාජ්‍ය සේවකයින් සංඛ්‍යාවක් යොදාගැනීමට සැලසුම් කර තිබෙන බවද සඳහන්.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?