Latestදේශීය

හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කරන්න:සෞඛ්‍ය ඇමති

රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණය කර ඇත.

පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය යන හේතු සැලකිල්ලට ගනිමින්  එම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා.

එම තීරණය වෛද්‍ය නිර්දේශ වලට යටත් බවද  සඳහන්.

නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහත පවසන්නේ අත්‍යවශ්‍ය නොවන හා හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීම සඳහා පියවර ගන්නා ලෙස ලබාදී ඇති උපදෙස් ඉදිරියේ දී අයහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට රජයේ රෝහල්වල ඖෂධ 140 ක පමණ හිඟයක් පවතින අතර මේ වනවිට ඊට අදාළ ඇණවුම් ලබා දී ඇති බවයි.

ඒ අතුරින් ඖෂධ වර්ග 40 ක් පමණ ලබන සතියේ ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ලබන මාසය වනවිට පවතින ඖෂධ හිඟය 75% – 80 % කින් මග හැරෙනු ඇතැයි  අමාත්‍යවරයා වැඩිදුරටත්  පැවසුවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?