Latestදේශීය

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළිත්

පද්ධතිය යථා තත්ත්වයට පත්කරගැනීමට හැකියාව ලැබීම නිසා, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (14) සිට යළි ක්‍රියාත්මක බව
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.

ඒ අනුව ඊයේ (13) බලපත්‍ර ලබාගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට අද දහවල් 12.00 සිට බලපත්‍ර ලබාගත හැකියි.

ඊයේ උදෑසන 10.30 සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය තාක්ෂණික දෝශයක් හේතුවෙන් බිඳ වැටුණි.

මේ නිසා එක්දින සේවාවට යටතේ සිය විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිස් දැඩි අපහසුතාවකට පත් විය.

ඊයේ දිනයේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට අද දිනයේ දෙපාර්තමේන්තුවේ වියදමින් විදේශ ගමන් බලපත්‍ර තැපැල් මගින් යැවීමට කටයුතු කරන බවද ආගමන විගමන පාලක ජනරාල්වරයා සදහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?