Latestදේශීය

ඩොලර් ලක්ෂ 6ක වෛද්‍ය උපකරණ කොරියානු සංවිධානයක් පරිත්‍යාග කරයි

වෛද්‍ය උපකරණයන්හි නිරවද්‍යතාවය , ක්‍රමාංකනය හා පරීක්ෂා කිරීම සඳහා වන උපකරණ කට්ටල ඇමරිකානු ඩොලර් 612 ,039 ක තොගයක් කොරියානු සංවිධානයක් වන KOFIH (Korean Foundation of International Healthcare) සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම උපකරණ තොගය ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති වූන් ජින් ජියෝං (Woonjin Jeong) මහතා හා KOFIH සංවිධානයේ සභාපති Chung Yu King මහතා විසින් (17) නිල වශයෙන් භාර දෙනු ලැබීය.

රෝහල් වල ශල්‍යාගාර,දැඩි සත්කාර ඒකක, රසායනාගාර ආදියෙහි භාවිතා කරන විවිධ උපකරණ වල පාඨාංක ක්‍රමාංකනයට හා ක්‍රියාවලියන්හි නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමට මෙම උපකරණ භාවිතා වේ. මෙලෙස ප්‍රදානය කෙරුණු උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා ඒකකය වෙත භාර දුන් අතර , අදාළ උපකරණ අත්‍යාවශ්‍යතාවය මත ඉංජිනේරු සේවා ඒකක සහිත දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් වෙත ලබා දීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා..

කොරියානු රාජ්‍ය අතීතයේ සිටම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මෙරටට සහයෝගය ලබාදුන් බවත්, ඒ තුළ දෙරට අතර දිගුකාලීන සමීප මිත්‍රත්වයක් පවතින බවත් පැවසීය. ලොව බොහෝ රටවල් ශ්‍රී ලංකාවට මේ මොහොතේ ලබාදෙන සහයෝගය ඔස්සේ පවතින අභියෝගය සමනය කරගත හැකි යැයි ද ඒ තුළ මේ වන විට අපේක්ෂා සහිත තත්ත්වයක් පෙන්නුම් කෙරෙන බවද ඇමැතිවරයා මෙහිදී කීය.

මෙරට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව තුළින් රටේ ජනතාවට සෑම රජයක්ම විශාල වැයක් දරන බවත් ඒ සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී කීය. රට තුළ පවතින ඖෂධ හිඟයට විසඳුම් රැසක් මේ වන විට ගනු ලබමින් තිබෙන බවත්, ඒ තුළ කුමන ඖෂධ හිඟයක් පැමිණියද ජනතාවගේ ජීවිතයනට තර්ජනයක් නොවන මට්ටමින් සමනය කර ගැනීමට හැකිව තිබෙන බවත් හෙතෙම පැවසීය. මේ වෙන විටත් ජීවිතාරක්ෂක ඖෂධ 14 ම මෙරට පවතින්නේ යැයිද අත්‍යවශ්‍ය ඖෂධ වල පවතින අඩුපාඩුව මේ වන විට කළමනාකරණය කර ගනිමින් සිටින්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති Woonjin Jeong මහතා KOFIH සංවිධානයේ සභාපති Chung Yu King මහතා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍ර ගුප්ත , නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්( ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා) ජනකප්‍රිය කරුණාතිලක මහතා ඇතුළු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරුන් පිරිසක් ද මෙම අවස්ථා සඳහා සහභාගි වූහ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?