Latestදේශීය

ජපානයේ ශ්‍රම වෙළදපොල අපේ ඉලක්කයයි – මනූෂ නානායක්කාර

ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට ජපානයේ ඇති රැකියා අවස්ථා සම්බන්ධයෙන් විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ අවධාණය යොමුව තිබේ.

පසුගිය දා මෙරට වෘත්තිකයන් හට ජපානයේ ඇති රැකියා අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජපානයේ වෘත්තීය ලාංකිකයන්ගේ සංගමය (Sri Lanka Professional Association in Japan), ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ අමාත්‍යවරයා අතර ZOOM සාකච්ඡාවක් පැවැත්විනි. එහි දී මේ පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.

එමෙන්ම, අමාත්‍යවරයා ජපානයේ කළ සංචාරයේ දී ජපානයේ වෘත්තීය ලාංකිකයන්ගේ සංගමය සමග පැවැත්වූ සාකච්ඡාවන්ට අනුව ඔවුන් විසින් ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට ජපානයේ ඇති රැකියා අවස්ථා සම්බන්ධයෙන් පුළුල් වාර්තාවක් සකස් කිරීමෙන් අනතුරු ව මෙම සාකච්ඡාවක් ද සංවිධානය විය.

ඒ අනුව මේ වන විට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර (Software, Hardware, Networking, 5G/OSS/Mobile), මූල්‍ය ක්ෂේත්‍ර (Insurance, Banking, Securities) සහ නිෂ්පාදන ක්ෂේත්‍ර (Electronic, Automobile) යන අංශයන්ගේ රැකියා විශාල ප්‍රමාණයක් ඇති බවත්, ජපානය තුළ මේ සියලු ක්ෂේත්‍රයන්හි පුහුණු වෘත්තිකයන්ගේ ශ්‍රම හිගයක් පවතින බවත් ඔවුන් මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා වෙත අනාවරණය කරන ලදී.

එමෙන්ම, ජපානයේ වෘත්තීය ලාංකිකයන්ගේ සංගමය මෙම අනාවරණය සිදු කළේ අවසන් මාස කිහිපය තුළ ජපානයේ ශ්‍රම වෙළෙදපොළ සහ එහි රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන් කළ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව වන අතර අධ්‍යයන වාර්තාව ද අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙකී අදාළ සුදුසුකම් සම්පූර්ණ කර ඇති පුහුණු වෘත්තිකයන්ට සහ සම්පූර්ණ කිරීමේ අපේක්ෂාවෙන් පසුවන පුහුණුලාභීන්ට එකී ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථා විවෘත කිරීමට අවශ්‍ය පියවර ගනු ලබන බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

@Media Unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?